Sunday 11 October 2015

මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න..

මට ගමට එන්න ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න..


මුදල් සෙවීම සඳහාම ගමෙන් නගරයට ගිය තරුනයෙකු පිලිබඳව ලියැවුනු ගීතයකි. ටික කලක් නගරයෙහි කල් ගත කරන ඔහු ගමෙත් නගරයෙත් වෙනෙස මනාව වටහාගනී. ගම මෙන් නොව නගරය කෙතරම් දූෂිත වෙලාද? ගම මෙන් නොව නගරය භයංකාරය, තමාගේ පාඩුවේ ජීවත් වීමට අපහසුය. 'පය මරු වැල් පැටලෙයි' යන්නෙන් එය මනාව පිලිබිඹුවේ.

නගරයේ තදබදය රචකයා ගෙනහැර පාන්නේ 'ඇන්ටෙනා තුරින් තුර පසුකර පියසි උඩින් ඉගිල්ලෙන්න' යන පද වලිනි.

මෙම තරුනයාට නිවාඩු ඉතාම අල්පය. ඔහු පාලොස්වක පෝයදා ගමට යන්නට සැරසී සිටී. එනම් මාසයකට ඔහුට ලැබෙන්නේ එක් නිවාඩුවකි. වැඩ වලින් හෙම්බත් වී සිටින ඔහුගේ සිතට නිදහසක් නැත, සැම විටම ගම මතක් වේ.
 

ඔහුට ගමට යෑමේ දැඩි ආශාවක් හා හදිසියක් ඇත. තමා බොහෝ සේ ආදරය කරන තම අම්මා දැකගැනීමට ඔහු මගබලා සිටී. ඇය දැකීමෙන් ලැබෙන සැනසීම නගරය මුලුමනින්ම අමතක කරලීමට සමත්ය. තම මල්ලී අතේ කුරුළු පිහාටුවක් එවන්න යන්නෙන් ඔහු තුල තිබෙන හදිසිය ගෙනහැර පායි.

~~තේජන අබේදීර~~

No comments: