Sunday 11 October 2015

සමනළයා මල හා ළමයා සේ....

සමනළයා මල හා ළමයා සේ....


පුංචි කාලයේ පටන්ම එකටම සිටි යහලුවෝ තිදෙනෙක් වෙති. ඔවුන් අතරින් දෙදෙනක් පිරිමි ළමුන් වන අතර අනෙකා සහ ගැහැනු ළමයෙකි. ඔවුන් සෙල්ලම් කලේත් එකටමය. ඔවුන් එකිනෙකා කෙරෙහි දැඩි බැඳීමකින් සිටි බවක් පෙනේ.

කාලයේ ඇවෑමෙන් ඔවුන් නාඹර වියට පැමිනෙන විට තිදෙනාගේ බැඳීම්වල යම් වෙනසක් ඇතිවුනි.
මලට සම කරන ගැහැනු ළමයා, සමනළයා ලෙස අර්ත කතනය කරන පිරිමි ළමයා අතර ආදර බැඳීමක සේයාවකි. නමුත් මෙය සැබෑ ආදරයක්ද යන්න කතාකල යුත්තකි. රාගය සමග මුසුවූ යම්කිසි මුලාකිරීමක්ද මෙහි ගැබ්වී තිබේ. අවසන සමනළයා මලෙන් ඉවත්වයන්නේ පෙරකී මුලාකිරීමකට පත්කරමිනි. මේ සියල්ල සිදුවන අතරතුර අනෙක් පිරිමි ළමයා සිතින් පමනක් මලට පෙම් බැන්දා යැයි පැවසීම කොතෙක් දුරට සාධාරනදැයි මම නොදනිමි. ඒ කෙසේ වෙතත් මේ පිරිමි ළමයා තුල ගැහැනු ළමයා කෙරෙහි ඇති ලෙන්ගතුකම බිඳකින්වත් වෙනස් නොවී ඇති බව නොකිවමනාය. තම සගයා විසින් ගැහැනු ළමයා රැවටීම ඔහුට ගෙන දෙන්නේ අප්‍රමාණ දුකකි. මෙහිදී ඇයව හැර නොයා ඇය සමගම සිටීමට ඔහු වග බලා ගනී. දුක බෙදාගැනීමක් ගැන මා සඳහන් නොකරන්නේ මෙම සිදුවීම ගැහැනු ළමයාට දුකක් ඇතිකලාද යන්න ප්‍රශ්නාර්තයක් බැවිනි.
 

ගේය පද රචක ප්‍රේම් පවසන ආකාරයට ගැහැනු ළමයා තද සිත් ඇත්තියකි, එසේ නොමැතිනම් හුදෙක් වචනයට පමනක් ආදරය කල තැනැත්තියකි. එසේත් නොමැතිනම් ආදරයෙන් අන්ධවු එකියකි. ඇයට තම පෙම්වතාගේ වෙන්වයාම දුකක් ගෙන නොදුන්නාද එසේත් නොමැතිනම් අනෙක් පිරිමි ළමයාගේ ආදරය ලෙන්ගතුකම තෙරුම් නොගැනීම නිසා පිරිමි ළමයා දුකට පත්වුනාදැයි යන කාරනා තවදුරටත් ගැඹුරට ප්‍රශ්න කලයුතුවේ.
 

කෙසේ වුවත් අවසන් පද පෙලෙන් හැඟී යන්නේ ගැහැනු ළමයා මුලාවී ඇති බව ඇය නොදන්නා බවකි. සමනළයා මලට හොරෙන් ඉවත්ව ගොසිනි. පොඩි ළමයා ඔහුගේ බලාපොරොත්තු එලෙසටම තියාගෙන සිටීවිද? නොමැතිනම් පෙර ලෙන්ගතුකම එලෙසටම පවත්වා ගනීවිද?
ජීවිතයේ අරුමේ...


සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ

~~තේජන අබේදීර~~

1 comment:

Anonymous said...

ලස්සන අදහසක්...