Sunday 11 October 2015

සෙනෙහසකට අරුතක් පුරවන්නට

සෙනෙහසකට අරුතක් පුරවන්නට

අහසේ තරු ගැන්නා වෙරලේ රළ මැන්නා..


සෙනහසින් එකට ඒකතුවූ ආදරවන්නතයින්ගේ ඒකම පැතුම ජීවිතය පුරාවටම එකිනෙකා කෙරෙහි බැඳීමෙන් සදාකල් එකට ජීවත් වීමයි. මෙම යුවල එසේ එකතු වූවත් කිසියම් හේතුවක් නිසා ඔවුනට වෙන්වීමට සිදුවෙයි.

පෙම්වතාට නැවත එක්වීමේ උවමනාව තදින්ම පවතී. ඔහුට අවශ්ය වන්නේ නැවත කෙසේ හෝ පැරණි ආදරයට පන ලබාදීමටයි. මේ සඳහා ඔහු ඉතා අසීරු වෑයමක නිරතවේ. කොටින්ම කියතොත් ඔහු මේ සඳහා නොකරන දෙයක් නොමැත. අහසේ තරු ගැනීම හා වෙරලේ රළ මැනීම යොදාගැනීමෙන් මෙය කෙතරම් අපහසු කාර්යයක් බවත් සාර්ථක කරගැනීමට ඇති ඉඩකඩ ඉතාම අල්ප බවත් පෙන්නුම් කරයි.

ආදරය විකසිතවීමට පටන් ගැනීමටත් මත්තෙන් එයට විශ එක්තුවීම සිදුවේ. විශ එකතු වන්නේ කටු වලිනි. සිත් රිදවීම්, සැකය, නොරිස්සුම යනාදී ආදරයට වල කපන සියලුමදේ විශ ලෙස සැලකිය හැකිය.
මෙම විශ නිසා ආදරය යන බඳුන බිඳීමකට ලක්වේ. මෙය නැවත සකස්කල හැක්කක් නොවේ. සකස් කිරීමට වෙරදැරුවත් එලියට මතුවී පෙනෙනා කැලලක් ඇත. මෙයිනුත් ගීත රචකයා, ප්‍රනීත් අබේසුන්දර මහතා මෙම ආදරය නැවතත් පිලිසකර කිරිමේ ඇති ඉඩකඩ පිලිබඳව පහදා දෙයි.
මේ විරහව නිසා සිත් තුල දුක පිරී ඇත. සමහරවිට පෙර අත් බවයක සිදුකල අකුසල කර්මයක් නිසා මෙය සිදුවන්නට ඇත.

අවසානයේදී ගීතයේ සංවේදීම කොටසට යොමුවීමට සිදුවීමද විරහ වේදනාව තිව්‍ර කිරීමට සමත්වේ. පෙම්වතාට මේ ආදරයට සැබෑ අරුතක් ලබාදීමට හැකි හැම අවස්ථාවකදීම ඒ සඳහා පෙම්වතිය එයට ලංවන මානයේ නොසිටියාය. මෙය කිසියම් පිටස්තර බාදාවක් නිසා සිදු උනාද එසේත් නොමැතිනම් පෙම්වතිය ඒ සඳහා උනන්දු නොවූවාද යන්න කිවහැකි නොවේ.
අවසනදී ප්‍රේමය පරදා තවත් විරහවක් ජයගත්තා නොවේද?

සෙනෙහක අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙනැතක තනිවී

කැකුළක් සිදුනින් හදවත පිපුණු
කඳුලෙන් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා

පවකින් පෙර අත් භවයක සිදුවු
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුනා

~~තේජන අබේදීර~~



No comments: