Sunday 11 October 2015

සිතුම් පැතුම් පොදි ආදරේ....

තම පෙම්වතියගෙන් ටික කලකට ඈත්වීසිටි පෙම්වතෙක්(විරසකයක් නොවේ) නැවත ඇයව බලන්න
පැමිනෙන්නේ විශාල බලාපොරොත්තු පොදි බැඳගෙන. ඇයට ඇති ආදරයේ තරම, ඇය දැක ගැනීමට ඇති ආශාව ඔහු කියන්නේ

'සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ...

ඇයව දැකගැනීමට නොහැකිව ගතකල කාලය නිමාවී ඇත. ඔහු නොඉවසිලිමත්, ඇයගේ රුව දැකගැනීමට, ඇයගේ ආලයේ වෙලීමට ඇති නොඉවසිල්ල ඔහු මෙසේ ප්‍රකාශකරයි.

'නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි...

ඒත් කාලය කොතරම් කුරිරු ලෙස වෙනස් වෙලාද? පරිසරයේ වෙනස්වීම හා ආලයේ අහිමිවීම පද රචකයා මනාව පෙන්වාදී තිබේ. සියල්ල අවසන් බව ඔහු පවසන්නේ '

'ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා...

~~තේජන අබේදීර~~

No comments: