Friday 16 October 2015

සොඩින් නෙලුම් මල ගෙනියන....

සොඩින් නෙලුම් මල ගෙනියන
බතික්‌ රන් පටින් දිදුලන
ඇතින්නියේ...
යදම් අමතකද පා බැදි විලංගුවේ...

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ.....
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි....
වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ..........
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි..

අතුල අධිකාරි..

මේ සිංදුව අහන ඕන කෙනෙකුට එක පාරටම මැවෙන්නේ පෙරහැරක යන ලස්සන ඇදුම් ඇදපු ඇතින්නකව.....මේ ඇතින්නගේ කකුල් දම්වැලකින් ගැට ගහලා..ඇතින්නට පොඩි පැටවෙකුත් ඉන්නවා පැටවා කිරි ඉල්ලලා ඇඩුවත් පෙරහැර කැත වෙන නිසා ඇතින්න කිරි නොදි පෙරහැර‍ෙ යනවා. මේ ඇතින්න මැරුණට පස්සේ සෙනග හතර වටින් ඇවිත් වදිනවා ... ඒ වදින්නේ පෙරහැර‍ෙ යද්දි ඇතින්නගේ තිබුනු ලස්සනට නෙවෙයි .. පෙරහැරක ගිය ඇතින්නක් නිසයි...
බැලූ බැල්මට අපිට පේන්නේ ඔන්න ඔයවිදිහට...
ඒත් මේ ගීතයේ නූතන සමාජයට ගැලපෙන මාහා ගැඹුරු අර්ථවත් බවක් තියෙනවා...

සොඩින් නෙලුම් මල ගෙනියන
බතික්‌ රන් පටින් දිදුලන
ඇතින්නියේ...
යදම් අමතකද පා බැදි විලංගුවේ ....
ලස්සන විච්චූරන ඇදුම් ඇදගෙන ලස්සන කියන පුහු මාන්නය ඉස්සර කරගෙන වෙනම ගමනක් යන අම්මේ . දරුවෙක් ඉන්නවා පවුලක් තියෙනවා කියන බැදිම අමතකද ඔයාට........

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ.....
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි....

අම්මේ මට බඩගිනි මට කිරි ඕනි ... ඒත් මට බලෙන් බොන්න බැහැනේ ..අම්මා අම්මගේ ලස්සන නැතිවෙයි කියලා පියයුරු එල්ලිලා වැටෙයි කියලා මට කිරි දෙන්නේ නැහැනේ..කොහොමද අම්මේ අනිත් අම්මලා දරුව‍ෝ හින්දා මහාමෙරක් තරම් දුක් විදිද්දි දරු සෙනෙහස හන්ගගෙන ඉන්නේ....

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ..........
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි..

අම්මේ ඔයා මැරුණ දවසේ කව්රුවත්ම ඔයාගේ ලස්සන අපරාදේ කියලා ඇඩුවේ නැ... මේ දරුවා දැන් කොහොමද ඉන්නේ අම්මා නැතුව... ඒ අම්මා මේ දරුවා වෙනුවෙන් තමයි හැම දේම කලේ කිය කිය තමයි දුක්ගැනවිලි කිව්වේ.....ඒත් අම්මේ කව්රුත් ඇත්ත දන්නේ නැ.....
මේක මගේ හිතට ආපු සිතිවිල්ලක් විතරයි සාදාරණිකරනය ඔයාලට තමයි බාර...මං හිතනවා මේ සිංදුව අද කාලෙට ගොඩක් ගැලපෙනවා කියලා.....



~~සදුන් ගුණතිලක~~

1 comment:

තේජන අබේදීර said...

This is the first song review of Sandun. I find interesting to read this post. Good luck brother, you have a grate future ahead. Keep on writing.