Sunday 11 October 2015

මා ඔබත් එක්ක සුහද කතාවක්...

මා ඔබත් එක්ක සුහද කතාවක්...


මෙම ගීතයෙන් කියවෙන දෙදෙනා කලකට පෙර පෙම්වතුන්වී සිටි අය. කුමක් හෝ හේතුවක් නිසා වෙන්වෙන්න වෙලා. දවසක් අහම්බෙන් මේ දෙදෙනා මුන ගැසෙනවා. දෙදෙනා කතාබහ කරන්නේ ආගිය විස්තර මිසක් ඔවුන්ගේ ප්‍රෙමය ගැන නොවෙයි. ඒය ගීත රචකයා හඳුන්වන්නේ 'මා ඔබත් එක්ක සුහද කතාවක්' කියයි. නමුත් ප්‍රෙමය අමතක කල නොහැකියි. ඔවුන්ගේ නෙත් යාවෙන විට නෙත් වලින් පැරනි ආදරය මතක් කර ගන්නවා.
 

දෙදෙනාටම කතාව දිගට පවත්වාගෙන යෑමට අවශ්යයි. මෙනිසා ආගිය තොරතුරු වලින් කතාව දික්ගස්සා ගන්නවා. ඒ සමගම නෙත් වලින් පැවසෙන ආදර කතාව නවත්වන්නෑ. පැරනි දේවල් ටික ටික මතක් කරන අතර එවිට සමහර දේ පවසන්නේ රහසිනි. ඒ එය අන් අයට ඇසීම වැලැක්වීමටම නොව දෙදෙනාට ඇති සතුට ප්‍රකාශ කිරීමටයි.ඒ අතරේ ඉඟි කිරීමටද ඔවුන් පසුබට වෙන්නේ නෑ. තව දුරටත් තොරතුරු කතා කිරීමට පෞද්ගලිකත්වය ඇති ස්ථානයකට යෑමට පවා ඇරයුමක් ලැබෙනවා. දෙදෙනා මේ කරන්නේ වරදක් නොවන බව දෙදෙනාම පිලිගන්නවා. 

මෙය සිතුවිලි අතීතයට රැගෙන යාමක් මෙන්ම පෙර ඇසුරු කල ආකාරයටම යෞවන පෙම්වතුන් විලසින් ඇසුරු කිරීමට දෙදෙනාම රුචිකත්වයක් දැක්වීමකි. 
 
වර්ථමානයේ ඔවුන් දෙදෙනා සිටින තත්වය මොහොතකට අමතක කරමින් පැරනි ප්‍රේම ලෝකය වෙත දෙදෙනාම පිය නැගූ අවස්තාවක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකියි.


~~තේජන අබේදීර~~ 

No comments: