හෙට පාන්දර ඇවිත් මම එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බන් මටනම් බයත් හිතේ දැන්
නුඹ වගේ ගමන් ගිහින් නෑනෙ මන්...
ගම්බද යුවතියක් ප්‍රතම වතාවට කොළඹ යන්නට සැරසේ. ඇගේ සිත තුල බිය, කුකුස නැත්තාම නොවේ. නමුත් ඇයට මේ ගමන පිළිඹඳ ඇත්තේ දැඩි උද්යෝගයකි.
කෝච්චියට මේ ගමන් හුරුපුරුදුය. එය හා නිතරම මේ ගමනට සහබාගී වන පිරිසක් සිටී. මේ පිළිඹඳව යුවතියට සියුම් ඊර්ෂාවක් ඇතිවන අයුරක් පද රචකයා පෙන්නුම් කරයි. නමුත ඒය පිටතට හරි හැටි නොපෙන්වන ඇය, තමාටද යහලුවෙක් මුන ගැසේදැයි අසයි. ගම්ගොඩේ ඒ ගැන පවසන්න එපා යැයි පැවසීමෙන් එම ඊර්ෂාව අපට පැහැදිලිවේ. මෙහිදී 'කුචු කුචු' යන පද කෝච්චිය හා යුවතියෙගෙ අදහස් සමග මනාව ගැටේ.
කෝච්චියේ ඉදිරි ගමන් පිළිඹඳව ඇයට දැඩි විශ්වාසයක් පවතී. 'දිග පීලි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ, බිං ගෙවල් තුලින් කලුවරේම පාර දකින්නේ'
නමුත් ඇයට මෙය අලුත් අද්දැකීමකි. ඉදිරියේදී ඇය කරන දේ පිළිඹඳව ඇගේ දැඩි විශ්වාසයක් නොමැත. මේ නිසා ඉදිරිය වරද්දා ගත්තොත් ඇයට හූ නොකියන ලෙස පවසයි.
'මග නොදැන ගිහින් මමත් පීලි පනීද මන්දා, අනෙ එහෙම උනොත් මේ මෝඩිට හූ කියන්නෙපා'
මෙහිදී හැඟෙන තවත් කරුනක් නම් යුවතිය කොළඹට ගිය පසු ඇයට ආදරයක්, පෙම්වතෙක් අවශ්ය බව ඇගේ සිතතුල පවතීමැයි. 'අලුත් යාලුවන් මුන ගැසීම' එයට අර්ථ කතනයකි.
අමුතුම ආකාරයේ, කාටත් සිතෙන්නේ නැති පැති කඩක් පද පෙලකින් පෙන්වා දී තිබෙන තවත් එක් අවස්තාවක්.....
~~තේජන අබේදීර~~
No comments:
Post a Comment