Sunday 11 October 2015

ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්....

ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක්....


මෙම ගීතයත් අපි හැමෝම වාගේ මුහුන දී ඇති අත්දැකීමක් වනවාට සැකයක් නැත. අප කුල්මත් කරවන ගිනි කසේ වගෙ ගැහැනු ළමයෙකු දුටුවිට ස්ථානය කුමක් වුවත් සැම විටම පිරිමි අපගේ දෙනෙත් ඒ දෙසට යොමුවන්නේ අපටත් නොදැනීමය. ඒ පිරිමින්ගේ හැටිය. පිරිමියාගෙන් පිරිමියාට වෙනස් වන්නේ ඒ දෙස් බලා සිටින කාල පරාසය සහ මනසෙහි ජනිතවන සිතුවිලි පමනි.

ගීතයෙන් කියවෙන පරිදි මේ ගිනි කිරිල්ලිය අප දකින්නේ ප්‍රතම වතාවට නොවේ. මීට පෙර එක් වතාවක් ඇය අප නෙත් ගැටී ඇත.
පිරිමියාගේ දක්සතාවය වන්නේ එක් වරක් හෝ දුටුව කෙල්ලක් දෙවෙනි සහ ඊට පසු අවස්ථාවල දකින කල යටි සිතෙන් උඩු සිතට ක්ෂනයෙන් පෙර රූපරාමු සම්බන්ද කිරිමට ඇති හැකියාවයි.
 

අප ගිනි කිකිලිය දැකීමෙන් සලිත වන අතරේ ඇය මදහසක් අප වෙත යොමු කරයි, නමුත් එය ඉතාම කෙටි කාලයකට සීමාවේ. එයින් අපසිත් තවත් සලිත කර මනස ඈතට ගෙනයයි. මෙහිදී මනැස රිසිසේ ඉදිරියටම යන්නේ සියලු බාදක මැඩගෙනය.
 

ඇයගේ සිනාවෙන් ඔබ්බට යන අප මීලඟට දකින්නේ ඇයගේ නෙතු සඟලයි. ඇගේ බැල්ම කෙතරම් තියුනු රාගික බැල්මක් වූවාද, අප හදවත් දැවී යන බවක් හැඟුනි. ඒත් ඒ ගිනි කෙතරම් සුන්දරදයත් ඒ ගින්නේ දැවීමම අප සැනසීමට පත් කලේය.

අපේ කාලයේ කොල්ලන් කියන ආකාරයට සැරම ගින්දර කෑල්ලක්. සැර විතරමයි, සැර ආපු කාලෙ වගේ......


~~තේජන අබේදීර~~

1 comment:

Ranga said...

'Warak nowa thawa wathawak' ha ha you are not seeing this hot chick for first time. 'Gini malak' the words used to introduce the lady is superb. The rythem is great. You have gave us the meaning and i would say i had some other meaning in my head. But when i read your review i thought this might be right. yes you have done a great job pal. Thanks for sharing.