Saturday 17 October 2015

විකසිත පෙම් පොකුරු පියුම්.....

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොදුරු ලදුනේ..

හිතේ කදුලු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිද ඉකිබිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරානේ
ඔබට විරහ ගිහි නොදැනේවා..

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා..

ගායනය : පණ්ඩිත් අමරදේව
ගී පද : අජන්තා රණසිංහ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

විඩාපත් වූ ගතින් යුතුව මා සයනය මත වැතිරුනේ දවසම ගත වෙහෙසවා වැඩ කිරීමෙන් ලද මහන්සිය මඳක් නිවා ගැනීමටය. ගොම්මන් කරුවල වැටෙන යාමයේ චන්ද්‍රයා කෙමෙන් පායා එන ආකාරයද නිශාචර සතුන්ගේ ශබ්දයන්ද මට ඇසෙයි. නිදි දෙව්දුවගේ පහස ලැබීමට සිතා ගත්තද මේ නිවහනේ මා පමණක් සිටින බවක් හදිසියේම සිතට නැගුනි. ඔව් එය සැබෑවකි. මේ පාලු විමානයේ මා පමණකි. නෙතට කදුලු බිඳක් නොනැගුණද, හිත අපමණව හඬා වැලපෙද්දී මම කෙමෙන් කෙමෙන් අතීතයට පියමන් කෙරුවෙමි..
එදා නුදුරු අතීතයේ අප දෙදෙනා සතුව ප්‍රිතිමත් සහ ආදරණීය අතීතයක් සතුවිය. ආදරණීය සැඳෑවල්,ලොවට රහසේ මුණගැසුණ හෝරාවල් ආදී දහසකුත් එකක් නොමියෙන මතක අප සතුවිය. මේ ආදරණීය මතක ඔබේ මෙන්ම මගේද හදවත් තුල කිසිදා නොමියෙන,නොමැකෙන ලෙස සටහන්ව ඇති බව නොරහසකි..
නමුදු..
අද කාලය වෙනස්ව ගොස්‍ ඇත. ඒ අමතක කල නොහැකි අතීතයන් රැගෙන අද ඔබ තවකෙකු සමග පතිකුලයට නික්ම ගොසින්‍‍ය..
එදත්,අදත්,මතුවටත් ඔබ මගේම පෙම්වතියමය. එය සදා නොවෙනස් වන්නකි. ඔබ අද මා ඇතැර දමා විවාපත් වුවද මට කිසිදිනක ඔබට ද්වේශ කල නොහැක. මන්දයත් මා සැබැවින්ම ඔබට ආදරය කරන බැවිනි.. ගතින් කදුලු නොසැලුවද සිතින් කදුලු සලන මාගේ එකම පැතුම නම් අදින් ඇරබෙන ඔබේ නව යුග දිවිය සාර්ථක වේවා යන්න පමණකි. අද මට පිටුපා ගියද නැවත කෙදිනකවත් අපගේ ආදර ප්‍රේම පුරාණයේ මතක සිහිවී හද තුල විරහයේ වේදනා ඇති නොවේවායි යන්නද මට ප්‍රාර්ථනා කල හැකි ඉහලම හා වටිනාම පැතුමයි යන්න මම සිතමි..


~~බුද්ධික හත්වැල්ල~~

2 comments:

ELECTRONIC said...

Patta bn

Anonymous said...

විහගුන් නිහඩය, එදා තිබු විචිත්‍රවත් පරිසරය අද ගොළුය, අමාවක උදාවුවා මෙන් මට දැනෙයි, අද දිනයේ ඔබ මා සදහටම ගතින් හැරයන බව මට දනුනත් හිත එය පිළිගන්නේ නැත. මගේ ජිවිතයේ මිහිරිම කාලය ගත්කෙරුවේ ඔබ සමගය, ටජ් මහලක් මෙන් විශාල අනාගත බලාපොරොත්තු මම ඔබ සමග බෙදගත්තද සියල්ල දෙපාමුල බිදවැටී ඇත.

ඔබ මාගේ මා තනි කරද සිත හැමදාම කිව්වේ ඔබ නැවත එන බවය. ඔබට තිබු ආදරය ඉදිරියේ මාගේ සිත එතරම්ම බොලද විය. ඔබ මා හැර ගිය දිනයේ සිට මා තුල තිබු වේදනාව සිය දහස් ගුණයකින් අද දිනයේ වැඩි වන බව මම දනිමි. මන්ද අද ඔබ තවකෙකු සමග පතිකුලයට යන දිනයයි. ඔබ වඩාත් සතුටු වන දිනයයි, මගේ ජිවිතයේ වඩාත් දුක්වන දිනයයි. නමුත් මට දෛවය සමග පොරබැදිය නොහැක

තව සුළු මොහොතකින් ඔබ ඔහු ඇත ගනු ඇත, කරන්නට කිසිවක් නොමැත, අදින් පසු මගේ ජිවිතයේ අමාවක උදාවනු ඔබ මම හොදින් දනිමි, මගේ සිත ගිනිකන්දක් මෙන් පිච්චුනද, සිත දැවුණු සුවද හැගුමන් මගින් මම ඔබට හදවතින් සුභ පතමි. එලෙස සුභ පතන්නට ඔබ ගියේ දිනයේ සිට මට සහනය ගෙනදුන්නේ මිවිතය.

ගතින් ඔබ ලග නැතත් මියෙනා තුරු මම ඔබ සමග සිටිමි. මන්ද මම ඔබට පුද කෙරුවේ කුලුදුල් නිර්මල ප්‍රේමයයි. සිතන්නට ඇත්තේ එක දෙයකි ප්‍රේමය නම් පරිත්‍යාගයකි. මගේ කතාවත් කොහේ හෝ ලියවී ඇත, දෛවයට මුහුණ දෙමු. මේ පුංචි රටේ මතු දිනක අප කොහේදී හෝ හමුවනු ඇත, එදාටද අද මෙන් මහමෙරක් වූ දුක හන්ගන් කදුළු අතරින් මම ඔබට සිනහ වෙමි, මන්ද ඔබ තත්පරයකටවත් දුක් වෙනවට මා අකමැති නිසා.

මතු බවයේදී මා මෙලෙස තනි කරන්න එපා.