දෑත දෙපාලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන්....
ඇය ඔහුව දමා ගොසිනි. නමුත් ඇයට නැවත ඔහු කෙරේ පැමිනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඇය ඔහුට ආරාධනා කරයි. ඔහු එය දකින්නේ මායමක් ලෙසිනි. මායම් වලින් තම සිත වෙනසි කල නොහැකි බව ඔහු පවසයි. එයින් නොනැවතෙන ඈ තම දුක ශෝකය සැම දෙනාටම පවසා අනුකම්පාව ලබාගැනීමට සැරසේ. එය දුර තියාම දකින ඔහු එසේ නොකරන ලෙසට ඇයට පවසයි.
ඔවුන් පිලිබඳ සියලු මතකයන් අමතක කිරීමට ඔහුට අවශ්‍යව ඇත. මෙනිසා ඇයට තවදුරටත් ඔහුගේ ජීවිතයේ ඉඩ නැති බවත් සියලුම අතීතයන් සමග ඔහු කෙරෙන් ඉවත්ව යන ලෙසට ඉල්ලීමක් කරයි. නමුත් ඇය සමග ගෙවූ අතීතයට සමු දීමද ඔහුට දුක් ගෙන දෙන්නකි. අකමැත්තෙන් වුවත් ඒ අතීතය අමතක කර දැමීමට ඔහු පෙලබෙන්නේ එය ඔහුට දැඩි දුකක් ගෙන දෙන නිසාවෙනි.
ඒ කෙසේ වුවත් අතීතය අමතක කිරීම පහසු නැත. යටි සිතේ තවමත් ලැගුම් ගෙන තිබෙන අතීත සිතුවිලි නැවත මතුවෙයි. ඇයගෙන් වෙන්වීම 'හද මලගම' ලෙස හැඳින්වීමෙන් පෙනීයන්නේ සැබෑ ආදරයක් ඔහු තුල තිබුනු බවකි. ඒත් ඇයගේ නික්මයාම නිසා තැවුනු ඔහුගේ හද තවමත් ඈව ප්‍රතික්ෂේප කරන අයුරක් පෙනෙන්නේ 'විදුලිය සේ යලි සිනා නොවෙන්' යන පද පෙල නිසාය.
දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

~~තේජන අබේදීර~~
3 comments:
හරිම ලස්සනයි බ්ලොග් එක .. වටිනවා අද දැක්කේ යමින් එමින් ගමන් මේ පැත්තේ ඇවිල්ලා බලන්නම්
බොහොම ස්තුතියි රවා
සුපිරි
Post a Comment