පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව,ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ.
උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි.
ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ
.
...උඹේ අප්පච්චී...
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ
ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ
~~තේජන අබේදීර~~
3 comments:
මේ පිලිබඳ කතාවක් මම අහල තියෙනවා.
අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය.
රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය.
රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්, බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල් මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය.
මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි. එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා නොකියාම යන්න ගොස් ඇති බව ය.
niyamayi
වටිනා අදහසක්.
Post a Comment